කේබල් ආධාරයෙන් ගමන් ගන්නා ඩක්කුවක් කඩාවැටීමෙන් මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ පසුගියදා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටින භික්ෂුන් වහන්සේලා දෙනමගේ තත්ත්වයද බරපතළ බව කුරුණෑගල රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම අනතුර හේතුවෙන් දෙස් විදෙස් භික්ෂුන් වහන්සේලා හත් නමක් අපවත්වූ අතර, තුවාල ලැබූ දෙනමක් කුරුණෑගල රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
මෙම ඩක්කු අනතුර පිළිබඳ තව දුරටත් පරීක්ෂණ පවත්වන බව කුණෑගල පොලිසියෙන් කළ විමසුමකදී එහි ප්‍රකාශකයකු කීවේය.
නන්දන ශ්‍රී දොරකුඹුර
















