BREAKING NEWS
Search

සිසුන්ට විනෝදවෙන්න 5,000ක විශේෂ දීමනාවක්

878

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

උසස් අධ්‍යාපන විභාග අවසන් කළ සිසුන්ගේ විනෝදාස්වාදය සඳහා රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.

මෙම යෝජනාව 24 දින පාර්ලිමේන්තුවේදී කථානායක බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

සභාව ඇමතූ බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ, උසස් අධ්‍යාපන විභාග අවසන් කළ සිසුන්ට චිත්‍රපට නැරඹීම, වෙරළට යාම, සංගීතයට සවන් දීම, සහ සංස්කෘතික කටයුතුවල යෙදීම වැනි විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා මෙම රුපියල් 5,000ක දීමනාව ලබාදිය යුතු බවයි.

තරුණ පරම්පරාව වැඩිවියට පත්වන විට ඔවුන්ගේ සමාජීය හා සංස්කෘතික හැකියාවන් වර්ධනය කිරීමට මෙය වැදගත් පියවරක් බවත්, මේ සම්බන්ධයෙන් තමන් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවත් ඔහු සඳහන් කළා.

කථානායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, මෙම දීමනාව සංස්කෘතික හා විනෝදාත්මක කටයුතු සඳහා පමණක් භාවිතා කළ යුතු බවත්, වෙනත් කිසිදු අරමුණකට භාවිතා නොකළ යුතු බවත්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *