භික්ෂූන් වහන්සේලා හත්නමක් අපවත් වීම ගැන කතෝලික රදගුරු සම්මේලනයෙන් ශෝක පණිවුඩයක්

21

කුරුණෑගල, මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසන භූමිය තුළදී ඩක්කුවක් කඩා වැටීමෙන් භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් වීමේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයෙන් ශෝක පණිවුඩයක් නිකුත් කර තිබේ.

උන්වහන්සේලාගේ අපවත් වීම සම්බුද්ධ ශාසනයටත්, ශ්‍රී ලංකා දේශයටත් සිදුවු ශෝකජනක පුවතක් බවද අදාළ නිවේදනයේ දැක්වේ.

මෙම ඛේදනීය සිදුවීම පිළිබද කතෝලික රදගුරු සම්මේලනයේ සංවේගය පූජ්‍ය සංඝරතනයට සහ ශ්‍රී ලංකාවේ සමස්ත බොදු ජනතාවට පළ කරන බව ද අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන් ය.

අපවත් වී වදාළ දෙස් විදෙස් හිමිවරුන්ට නිවන් සැනසීම ලැබේවා මෙන්ම බරපතළ තුවාල ලබා සිටින හිමිවරුන්ට ඉක්මන් සුවය ලැබේවා යනුවෙන් ද අදාළ නිවේදනයේ දැක්වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *