මුළු ලෝකයම එක් පැත්තක, මගේ බුම්රා අනෙක් පැත්තේ ” සන්ජනා ලෝකෙටම ඇහෙන්න කියපු හැටි …

1838

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මේ වනවිට පැවැත්වෙනආසියානු කුසලානය-2025 තරගාවලියේ, ඉන්දියා කණ්ඩායම බංග්ලාදේශය පරාජය කරමින්අවසන් මහා තරගයටසුදුසුකම් ලබාගන්නා තීරණාත්මක තරගය ඊයේ පැවැත්වෙන අතරතුර, බොලිවුඩ් නළුවන් දෙදෙනකු සහ ඉන්දීය ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාගේ බිරිඳ වන, තරගයේ විස්තර විචාරක සන්ජනා ගනේෂන්ගේ කෙටි සංවාදයක්, තරගයේ උණුසුම මොහොතකට වෙනතකට හරවන්නට සමත් වී තිබෙනවා.
පිටියේදී සැමියා ක්‍රිකට් තරගයේ නිරත වන අතරතුර, එම තරගයේම විස්තර විචාරයක බිරිඳ නිරත වෙමින්, යුවළක් ලෙස මෙම අගනා අවස්ථාව බුම්රාට සහ සන්ජනාට ලැබී ඇත්තේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.

බොලිවුඩ් රසිකයන්ද තරගයේ උණුසුමට ඈඳාගනිමින් බොලිවුඩයේ ජනප්‍රිය නළුවන් වන බොබී ඩියෝල් සහ රාඝව් ජුයාල් ප්‍රේක්ෂක පීඨිකාවේ දක්නට ලැබුණා.

ඔවුන් සුපිරි බොලිවුඩ් තරු ශාරුක්ගේ පුතු ආර්යන් ඛාන්ගේ අධ්‍යක්ෂණයෙන් බිහිවන මංගල නිර්මාණයේ ප්‍රවර්ධන කටයුතු අතරතුරයි මෙම අවස්ථාවට එක්ව සිටියේ.

බොබී ඩියෝල්, ආසියානු කුසලානය පුරාවට ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩා විලාසයඅගය කළා. ඔහු විශේෂයෙන්මජස්ප්‍රිට් බුම්රාගේ දක්ෂතාඅගය කළ අතර, ඔහු කණ්ඩායමේ නැතිවම බැරි කොටසක් බවට පත්ව ඇති ආකාරය ද පැවසුවා.

රාඝව් ජුයාල් සඳහන් කළේ මෙය තමා පළමු වරට ක්‍රිකට් තරගයක් සජීවීව නැරඹූ අවස්ථාව බවයි. ඔහු සන්ජානා ගනේෂන්ගෙන් ඉල්ලා සිටියේThe Ba**ds of Bollywood නෙට්ෆ්ලික්ස් කතාමාලාවේ දෙබසක් නැවත පවසන ලෙසයි.

මෙම දෙබස, ජුයාල්ගේ චරිතය වන පර්වේස් විසින් මුලින්ම එම කතා මාලාවේ එම්රාන් හෂ්මි සම්බන්ධයෙන් පැවසූවක්.

“Akhi duniya ek taraf, Emraan Hashmi ek taraf.”.

ගනේෂන්ට සුන්දර හැරවුමක් ලබාදෙමින්, ජුයාල් ඇයගෙන් ඉල්ලා සිටියේ එම දෙබස බුම්රා වෙනුවෙන් පවසන ලෙසයි.

සෝනි එල්.අයි.වී. හරහා කෝටි ගණන් ප්‍රේක්ෂකයන්ට රූපවාහිනියෙන් විකාශය වූ මෙම අවස්ථාවේදී, සන්ජනා ගනේෂන් මෙසේ පැවසුවා.

“Akhi duniya ek taraf, Mera Bumrah ek taraf.”

මෙම දෙබසේ සිංහල තේරුම වන්නේ, “මුළු ලෝකයම එක් පැත්තක, මගේ බුම්රා අනෙක් පැත්තේ” යන්නයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *