BREAKING NEWS
Search

ඇගිල්ලක කොටසක් පාන් ගෙඩියෙන් මතු වෙයි

327

හැටන් නගරයේ බේකරියකින් ආහාරයට ගත් පෙති කපා ඇසුරුම් කරන ලද පාන් ගෙඩියක එම බේකරියේ සේවයේ නියුතු සේවකයෙකුගේ ඇගිල්ලක තුවාලයක සමේ කොටසක් තිබී පාරිභෝගිකයෙකුට (25) දින හමු වී ඇත.

(25) දින රාත්‍රි ආහාරය සදහා එම බේකරියෙන් රු.180ක මුදලක් ලබා දී පෙති කපා ඇසුරුම් කරන ලද පාන් ගෙඩියක් මිලදී ගෙන එය ආහාරයට ගැනීමේදි පාන් පෙත්තක ඇගිල්ලක තුවාලයක සමේ කොටසක් තිබි හමුවීමත් සමග එම පාර්භෝගිකයා පාන් පරිභෝජනයට නොගෙන එම පාන් රාත්තල සහ ඇගිල්ලක තුවාලයක සමේ කොටස හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වෙත ලබා දි ඇත.
ඇගිල්ලක තුවාලයක සමේ කොටස පරික්ෂා කල හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ එම බේකරියේ නිෂ්පාදන කටයුතු අපිරිසිදු ආකාරයෙන් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් එම බේකරියේ හිමිකරුට එරෙහිව මීට ප්‍රථම අවස්ථා කිහිපයකදී හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා දඩ මුදල් අය කර ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්ද බේකරියේ අයිතිකරුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යලිත් නඩු කිහිපයක් පැවරීමට පියවර ගන්නා බවයි.

– රංජිත් රාජපක්ෂ



Leave a Reply

Your email address will not be published. Required fields are marked *