පොලිස්සියටත් හොරු පැනලා

197

පිටකොටුව ඕල්කට් මාවතේ පිහිටි කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ 06 වැනි මහලේ පිහිටි ශ්‍රවණාගාරයට හොරු පැන එහි වූ විදුලි රැහැන් පද්ධතිය කපාගෙන ගොස් තිබෙනවා.

පැය 24 පුරාම පොලිස් නිලධාරීන් ගැවසෙන, දැඩි ආරක්ෂාවක් සහිත ගොඩනැගිල්ලක් වන මෙම ගොඩනැගිල්ලම ආවරණය වන පරිදි ආරක්ෂක කැමරා පද්ධතියක්ද ක්‍රියාත්මකයි.

එසේ තිබියදීත් ගොඩනැගිල්ලේ හයවැනි මහලේ ශ්‍රවණාගාරයට හොරු පැන ඇත්තේ එහි දොරක් කඩාගෙන බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

සොරාගෙන ගොස් ඇත්තේ විදුලි උපකරණවලට විදුලි සම්බන්ධතාවය ලබා දී තිබූ විදුලි රැහැන් පද්ධතියේ තඹ කම්බි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

මෙම සොරකම සිදුව ඇතැයි සැළකෙන්නේ පසුගිය අගෝස්තු 01 වෙනිදාත් ඊයේ (24) දිනයත් අතර කාලය තුළදීයි.

මේ කාලය තුළ එම ශ්‍රවණාගාරය කිසිවකුගේත් නිසි පරීක්ෂාවට ලක්ව නැති බව සඳහන්.

මේ ගැන ගොඩනැගිලි කොට්ඨාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනාධිර විසින් කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණිලිකර ඇත්තේ ඊයේ සවස් කාලයේදීයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *