පොලිසියට බයේ දිව යද්දී ලිදට වැටුණු තරුණයාට අත් වූ සෝචනීය ඉරණම

379
රාමනාදපුරම් ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වැටලීමක් අතරතුර පලා යෑමට උත්සාහ කළ තරුණයෙකු අසල තිබූ ළිඳකට වැටීමෙන් පසු රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
රාමනාදපුරම් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක්, කරුන්ගාලි පාරේ, යුනිට් 06 ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් පෙරන ස්ථානයක් වැටලීම සඳහායි ගොස් ඇත්තේ.

පොලිස් නිලධාරීන් එම ස්ථානයට ළඟා වනවාත් සමඟම, එම නිවසේ සිටි වයස අවුරුදු 24ක් වූ මෙම තරුණයා නීති විරෝධී මත්පැන් ද රැගෙන පොලිසියෙන් බේරී පලා යෑමට උත්සාහ දරා තිබෙනවා.

එලෙස දිව යමින් සිටියදීයි, ඔහු අවාසනාවන්ත ලෙස අසල තිබූ ළිඳකට ඇද වැටී තිබෙන්නේ.
සිද්ධියෙන් පසු පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව වහාම ක්‍රියාත්මක වී ඔහුව ළිඳෙන් ගොඩට ගෙන ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

එහෙත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බව වාර්තා වී ඇත්තේ.

මියගිය මෙම තරුණයා මීට පෙර ද අවස්ථා තුනකදීම නීති විරෝධී මත්පැන් සම්බන්ධ චෝදනාවලට අත්අඩංගුවට පත් වී ඇති අයකු බව පොලිස් මූලාශ්‍ර සඳහන් කරනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ රාමනාදපුරම් පොලීසිය යටතේ ක්‍රියාත්මකයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *