BREAKING NEWS
Search

තත්ත්පර ගාණකින් සියල්ලම විනාස කළ මාරක නින්ද… සිව්දෙනෙක් බිලිගත් තලාවේ අනතුර ගැන වෙනස්ම කතාවක් එළියට…

429

මේ අද අලුයම සිදුවූ මාරක අනතුර ගැන ඇහෙන කතාවක්…

අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව මීරිගම හංදිය ආසන්නයේ සිදුවූ රිය අනතුරෙන් මියගිය ගණන හතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තලාව මීරිගම හංදිය ආසන්නයේ මොරගොඩ ප්‍රදේශයේදී අනුරාධපුර දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කළ ලොරි රථයක් සහ කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ගමන් කළ වෑන් රථයක් අද අලුයම මුහුණ මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා..

අනතුරෙන් තුවාල ලැබු වෑන් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු සහ ලොරි රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා තලාව රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදි වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

තුවාල ලැබූ වෑන් රථයේ ගමන්ගත් අනෙක් පුද්ගලයින් තිදෙනාගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තවත් පුද්ගලයෙකු මියගොස් ඇති අතර අනෙක් දෙදෙනාගේ තත්ත්වය බරපතළ බව පොලීසිය සඳහන් කරනවා.

වෑන් රථය පෞද්ගලික ඇඟලුම් කම්හලකට අයත් වෑන් රථයක් වන අතර එය ජා ඇළ ප්‍රදේශයේ සිට මුලතිව් දක්වා ගමන්ගත් ගත් එකක් බව තලාව පොලීසිය සඳහන් කරනවා.

මිය ගිය පුද්ගලයින් අතර වෑන් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු බව සදහන්.

පොලීසිය සඳහන් කළේ, අනතුරට හේතුව වෑන් රථයේ රියදුරුට නින්ද යාම බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *