BREAKING NEWS
Search

සෙල්ෆියක් නිසා ශ්‍රී ලාංකික කාන්තාවක් හොංකොංහිදී අත්අඩංගුවට

273

දරුවෙකු අනතුරේ හෙළා සුළි කුණාටුවක සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියකට ශ්‍රී ලාංකික සහ ඉන්දීය කාන්තාවන් දෙදෙනෙකු හොංකොං පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාවන් දෙදෙනාගෙන් අදාළ දරුවාගේ මව ඉන්දීය කාන්තාව බව සඳහන්.

චීනය දෙසට හමායන ‘රාගසා’ සුළිකුණුව නිසා මේ දිනවල හොංකොං දේශයටද බලපෑම් ඉල්ල වී ඇත.

ඒ හේතුවෙන් එරට වැසියන්ට ආරක්ෂිත ස්ථාන තුළ රැඳී සිටින ලෙසත්, වෙරළබඩ ප්‍රදේශවලින් ඈත්ව සිටින ලෙසත් එරට ආපදා අංශ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි.

කුණාටු රළ අතිශය අවදානම් බවත්, එය සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව කඩාවැදිය හැකි බවටත් ඔවුන් අනතුරු අඟවා ඇත.

එවන් තත්ත්වයකදී ඉන්දීය සම්බවයක් ඇති මව, සිය දරුවා සමග සුළි කුණාටුවේ ඡායාරූපයක් ගැනීමට ගොස් තිබේ.

එම සෙල්ෆි ඡායාරූපය ගෙන ඇතේ එම මවගේ මිතුරිය වන ශ්‍රී ලාංකික කාන්තාවය.

ඔවුන් ඡායාරූපය ගන්නවාත් සමග එකවර රළ පහරක් කඩාවැදී තිදෙනාම ගාසාගෙන ගොස් ඇති අතර, තිදෙනාම වහාම රෝහල්ගතකර තිබේ. ඔවුන්ගේ ජීවිතවලට කිසිදු අවදානමක් නොමැති බව සඳහන්.

කෙසේ නමුත් අවදානම් සංඥා නිකුත්කර තිබියදීත් ඔවුන් 5 හැවිරිදි දරුවෙකු අනතුරේ හෙළමින් මෙම ඡායාරූපය ගැනීමේ වරටද අදාළව හොංකොං පොලිසිය විසින් අදාළ කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ඡායාරූපය ගැනීමත්, ඉන් අනතුරුව ගසාගෙන යන ආකාරයත් අසල සිටි අයෙකු සිය ජංගම දුරකතනයෙන් පටිගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.

මීටර් කිහිපයක් උසැති බිහිසුණු රළක් එකවර කඩාවැදී තිදෙනාම ගසාගෙන යන අයුරු එහි දැක්වේ.

‘රාගසා’ සුළි කුණාටුව වසරේ භයානකම සුළි කුණාටුව ලෙසින් සැලකෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *