කොච්චර දඬුවම් ලැබුණත් හැදෙන්නේ නැති , කළ වරදම ආයේ ආයේ කරන අය අප අතරත් ඕනෑ තරම් ඉන්නවා..
මේත් අන්න ඒ වගේ කෙනෙක්..
බීමත්ව මගීන් සමග බස් රථයක් ධාවනය කළැයි කියන ලංගම රියැදුරකු කදපොළ පොලිසිය ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නුවරඑලිය සිට උඩුපුස්සැල්ලාව දක්වා මගීන් රැගෙන ධාවනය කළ මෙම ලංගම බස් රථ රියැදුරා බීමත්ව රිය ධාවනය කරවන බවට එම බස් රථයේ ගමන් ගත් මගියකු විසින් 119 පොලිසි හදිසි ඇමතුම් ඒකකයට ලබා දුන් තොරතුරක් මත මෙම රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.
පොලිස් භාරයට ගත් බස් රථය නුවරඑලිය ලංගම ඩිපෝවට වෙනත් රියැදුරෙකු යොදා භාර දී ඇති අතර, සැකකාර රියදුරාද පොලිස් ඇප මත මුදා හැර ඔහුට එරෙහිව නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි කදපොළ පොලිසිය සඳහන් කළේ.
සැකකාර රියදුරා මීට ප්‍රථම ද බීමත්ව රිය පැදවීමේ චෝදනාව යටතේ අධිකරණයේ වැරදිකරුවෙකු වී ඇති බවත්, ඊට අමතරව නුවරඑලිය ඩිපෝව මගින්ද විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් නුවරඑලියේ ඩිපොවේ නිළධාරියකු සඳහන් කළා.


















