රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
වෙන්නප්පුව ප්‍රදේශයේ සිදු වූ අවාසනාවන්ත අනතුරකින් තිදරු පියෙකු මරණයට පත්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි පෑස්සුම් ශිල්පියක්ය.
ඔහුගේ යතුරුපැදියේ කික් පැඩලය නිසි ලෙස ක්‍රියාත්මක නොවී ඇති අතර, ඒ හේතුවෙන් සිය යතුරුපැදිය තල්ලුකර පණගැන්වීමට උත්සාහ කර තිබේ.
එහිදී යතුරුපැදිය නොසිතූ ලෙස පාලනයෙන් ගිලිහී ගොස් ඔහු මාර්ගය දෙසට විසිවී ඇති අතර, එම අවස්ථාවේ දී මාර්ගයේ ගමන් කරමින් තිබූ දැව ප්‍රවාහනය කළ ලොරි රථයකට යටවී ඇත.
වෙන්නප්පුව දුම්මලදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු එම ස්ථානයේම මරණයට පත්ව ඇත.
















