BREAKING NEWS
Search

විදෙස්ගත ශ්‍රමිකයෙකුගේ මරණයකදී ගෙවන වන්දිය ඉහළට

792

විදේශ රැකියාවක නිරත ශ්‍රමිකයෙකු රැකියාව අතරතුරදී මරමුවට පත්වුවහොත් ඒ සඳහා ගෙවනු ලැබූ රක්ෂණ වන්දිය රුපියල් ලක්ෂ 20ක් දක්වා ඉහළ නංවා තිබේ.

එම කාර්යාංශයේදී අද (24) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

විදේශ රැකියාවකදී සිදුවන මරණයක් මේ දක්වා ගෙවනු ලැබුවේ ලක්ෂ 6ක රක්ෂණ වන්දියක් වන අතර, එම මුදලට ලක්ෂ 14ක් එක්කර මෙලෙස ලක්ෂ 20ක වන්දිය ලබාදෙන බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මේ අතර විදේශ ගත ශ්‍රමිකයින්ගේ මෙරට සිටින සැමියාට හෝ බිරිඳට ව්‍යාපාරයක් ආරම්භ කිරිමේ ණය යෝජනා ක්‍රමයක්ද එම කාර්යාංශය ආරම්භ කර ඇත.

ඊට අමතරව විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ලබාදෙන ශිෂ්‍යත්ව මුදල් ඉහළ නැංවීමටත්, උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට ලැප්ටොප් පරිගණක ලබාදීමත් තීරණය කර තිබේ.

මෙම වසරේ අගෝස්තු වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 5.1ක ප්‍රේෂණ විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට ඒ ඇති අතර, එය මෙම වසර අවසන් වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 7.2ක් දක්වා ඉහළ යනු ඇතැයි කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ වන විට ලාංකිකයින් 226,240ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශව සිටින අතර, මෙම වසරේ දී එයද ලක්ෂ 3ට ආසන්න වනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *