BREAKING NEWS
Search

තවත් පිරිසකට මාසිකව රුපියල් 5,000ක ජීවන වියදම් දීමනාවක්…

909
ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ වන ළමුන් සහ වීථි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබා දීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ආයතනික රැකවරණය හා භාරකාරත්වයේ සිටින ළමුන් සහ වීදි ළමුන් සඳහා මාසිකව රුපියල් 5,000/-ක ජීවන වියදම් දීමනාවක් ගෙවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා 2025-06-16 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දුණී.

ඒ අනුව, ‘අර්ථ’ ලෙස නම් කරනු ලැබ ඇති එකී වැඩසටහනේ ප්‍රතිලාභ ලබා දීම 2025 ජුලි මාසයේ සිට ආරම්භ කළේය.

‘අර්ථ’ වැඩසටහන සඳහා 2025 වසරට වෙන්ව ඇති රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන ප්‍රමාණය දරුවන්ගේ උපරිම යහපත වෙනුවෙන් යොදා ගත හැකි වන අයුරින් 2025 ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි එකී ප්‍රතිලාභය ලබා දීමට හැකියාව පවතී.

ඒ අනුව, ‘අර්ථ’ වැඩසටහනේ ප්‍රතිලාභ හිමිගැන්වීම ආරම්භ වන දිනය 2025‑01‑01 දින ලෙස සැලකීමටත්, එදින සිට හිමි හිඟ ප්‍රතිලාභ දරුවන්ගේ ගිණුම්වලට බැර කිරීමටත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *