කළුතර උතුර වස්කඩුව ප්‍රදේශයේ දී දුම්රියක මෝටර් රථයක් ගැටී මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනකු සුළු තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසනවා.
මරදාන සිට ගාල්ල බලා ධාවනය වූ අංක 788 දරණ දුම්රිය වස්කඩුව කෝන්ගස් හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෝටර් රථය ගාළුපාර දෙස සිට මුහුදුබඩ දෙසට ගමන්කර ඇති බවත් , අනතුරෙන් මෝටර් රථයට බරපතළ හානි සිදුව තිබේ.
තුවාල ලැබූ දෙදෙනා මෝටර් රථය තුල සිරවී සිට ඇති බවත් , ප්‍රදේශයේ තරුණයන් දැඩි පරිශ්‍රමයක් යොද බේරාගෙන ඇති බවත් සදහන්.


















