BREAKING NEWS
Search

ආණ්ඩුවේ වැඩ කරගන්න රස්තියාදු වුණු කාලේ දැන් ඉවරයි. ලේසියෙන්ම කරගන්න විදිහ මෙන්න

183

තනි පරිගණක යෙදවුමක් ඔස්සේ මහජනතාවට රජයේ සේවාවන් ලබා ගැනීමට හැකි වන පරිදි ‘ රජයේ සුපර් ඇප්’ යෙදවුමක් (Government SuperApp) නිර්මාණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

එකිනෙකට වෙනස් පද්ධති, බහු සත්‍යාපන ක්‍රියාවලි සහ විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු හරහා නැවත නැවත දත්ත ඇතුළු කිරීම් අවශ්‍ය වන රාජ්‍ය සේවා සැපයීම සඳහා වර්තමානයේ පවතින එකිනෙකට වෙනස් වූ ප්‍රවේශයන් හේතුවෙන් පුරවැසියන්ට සැලකිය යුතු අපහසුතා ඇති වන බව නිරීක්ෂණය වී ඇත.

එමෙන්ම, එමඟින් වාර්ෂිකව රුපියල් මිලියන 500කට වැඩි ආර්ථික හානියක් සිදු වන බව ද ඇස්තමේන්තු කර ඇත. එබැවින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්මට අනුකූලව පුරවැසියන්ට තනි පරිගණක යෙදවුමක් මඟින් රජයේ සේවාවන් සැපයීම සඳහා පුළුල් පරාසයක් ආවරණය වන ‘රජයේ සුපර් ඇප්’ යෙදවුම (Government SuperApp) සංවර්ධනය කිරීම උපායමාර්ගික ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගනු ලැබ තිබේ.

සියලුම රාජ්‍ය සේවාවන් පොදු එක් පරිශීලක හිතකාමී ජංගම දුරකතන සහ වෙබ් යෙදවුමකට ඒකාබද්ධ කරමින්, ශ්‍රී ලංකාවේ මිලියන 14ක් වූ වයස අවුරුදු 18ට වැඩි පුරවැසියන්ට සහ වාර්ෂිකව පිවිසෙන්නන් මිලියන 2කට එක් අතුරු මුහුණතක් හරහා රාජ්‍ය සේවා වලට බාධාවකින් තොරව ප්‍රවේශ වීමට හැකියාව ලබා දෙන ඩිජිටල් වේදිකාවක් මෙම ව්‍යාපෘතිය මඟින් සකස් කරනු ඇත.

ඒ අනුව, ‘රජයේ සුපර් ඇප්’ (Government SuperApp) යෙදවුම ව්‍යාපෘතිය අදියර 2 ක් යටතේ සම්පුර්ණ පිරිවැය

රුපියල් මිලියන 500ක් භාවිතයෙන් 2025-2026 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *