BREAKING NEWS
Search

දක්ෂිණ අධිවේගයේ අනතුරක් – කොළඹ දෙසට මංතීරුවක් අවහිරයි

320

දක්ෂිණ අධිවේගයේ දොඩංගොඩ සහ ගැලනිගම අතර අද (22) රාත්‍රියේ සිදුවු අනතුරක් හේතුවෙන් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.

ගාල්ල සිට කොළඹ දක්වා පොත් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයේ පෙරළී ගොස් අනතුර සිදුව ඇත.

අනතුර හේතුවෙන් මේ වනවිට කොළඹ දෙසට එක් මංතීරුවක් අවහිර වී ඇතැයි පොලීසිය පවසයි.

මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගයේ දොඩංගොඩ සහ ගැලනිගම අතර රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව ද වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *