BREAKING NEWS
Search

පද්මේගේ ෆෝන් එකෙන් සොයාගත් අලුත්ම රහස – පද්මේ සියල්ල වමාරයි

14199

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින කෙහෙල්බද්දර පද්මේ කොළඹ වරාය පොලිසියට රැගෙනවිත් බස්නාහිර උතුර අපරධ කොට්ඨාසය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී කරුණු රැසක් අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව තමා විසින් ගනේමුල්ල සංජීව සහ ගම්පහ පස් පොඩ්ඩා නමැත්තා ඝාතනය සැලසුම් කළ බව ඔහු පිළිගත් බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කළේ.

එමෙන්ම ගම්පහ ඔස්මන් නමැත්තා ඝාතනයට තැත් කිරීමෙ සම්බන්ධයෙන් ද බස්නාහිර උතුර අපරධ කොට්ඨාසය ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ තමන්ට ගම්පහ ඔස්මන් නමැත්තාව ඝාතනය කිරීමට අවශ්‍යතාවයක් නොතිබූ නමුත් තම්මිට අවිශ්ක සහ කමාන්ඩෝ සලින්තගේ අවශ්‍යතාවය මත ඊට ආධාර අනුබල දුන් බවයි.

එමෙන්ම කොකේන්, හෙරොයින්, අයිස්, කුෂ් සහ කේරල ගංජා යන සියලු මත්ද්‍රව්‍ය මෙරට තුළ අලෙවි කළ බව ද ඔහු පිළිගෙන තිබෙනවා.

මේ අතර ගිනිඅවි සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කෙහෙල්බද්දර පද්මේ පවසා ඇත්තේ මේ වන විට තමා සතුව තිබු සියලු ගිනි අවි පොලිසිය විසින් සොයාගෙන ඇති බවත් තවත් එක් ගිනි අවියක් පමණක් තමා සතුව තිබෙන බවයි.

එම ගිනි අවිය ද තමා භාර දීමට සූදානම් බව ඔහු පවසා තිබෙනවා.

එමෙන්ම තම පියා ඝාතනය වූ පසු පාතාල ලෝකයට පැමිණි බව පද්මේ සඳහන් කළ ද ඔහුගේ පියා ඝාතනය වීමට පෙර ද පද්මේ විසින් පස් චමි නමැත්තෙකු ඝාතනය කර ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කළා.

ගනේමුල්ල සංජීව විසින් පද්මේගේ පියා ඝාතනය කර ඇත්තේ ඊට පළිගැනීමක් ලෙස බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ.

පද්මේගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී ප්‍රසිද්ධ බීම වර්ගයක නමක් ,කේතයක් ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ද නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙන අතර එහිදී ඔහු පවසා ඇත්තේ එම බීම වර්ගයේ නම භාවිත කළේ කොකේන් මත්ද්‍රව්‍ය හැඟවීම සඳහා බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *