මියගිය දරුවා සිය පුංචි අම්මා සමග රෝහලට ගොස් නැවත එමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මියගිය දරුවාගේ මව අම්පාර මහ රෝහලේ කුඩා දරුවා සමග නැවති ප්‍රථිකරා ලබමින් සිටින බවයි පොලිසිය සඳහන් කළා.
එම මව සහ දරුවා බැලීමට ගොස් ආපසු නිවස බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.
පුතා සහ පුංචි අම්මා පදිකමාරුව හරහා යාමේදී ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.
ටිපර් රථය සහ රියදුරු අම්පාර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



















