BREAKING NEWS
Search

තංගල්ල නිවසක අබිරහස් මළ සිරුරු 2ක් – තවත් අයෙක් රෝහලට ඇතුලත් කල පසු මරුට

1674

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් හමුව තිබේ.

පොලීසිය පැවසුවේ සිදුකළ විමර්ශනයේදී එම නිවස අසල පිහිටි ලොරි රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 10ක් ද පොලීසිය විසින් සොයාගත් බවය.

මේ අතර එම නිවසේ සිටි තවත් අයෙක් හදිසියේ ඇති වූ අසනීප ත්ත්වයක් හේතුවෙන් තංගල්ල මහ රෝහලට ඇතුළව ඇති අතර එහිදී ඔහුද ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධිය පිළිබඳව මේ වන විට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර රජයේ රසපරීක්ෂකවරයා විසින් අදාළ සිද්ධිය සම්බන්ධව රස පරීක්ෂණය සිදුකරමින් පවතින බවද වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *