ඔන්ලයින් සෙල්ලම මැද ලැබුණු ආදරය මාරකයකින් කෙළවර වුණ හැටි – වීඩියෝව

1115
සිය පෙම්වතිය සමඟ ප්‍රේමයෙන් වෙළුනැයි උරණව 21 හැවිරිදි තරුණයකු පිහියෙන් ඇණ ඝාතනය කළැයි කියන 23 හැවිරිදි තරුණයකු අත්ඩංගුවට ගත් බව හෙම්මාතගම පොලිසිය පවසනවා.
කෑගල්ල හෙම්මාතගම ප්‍රදේශසයේ පාසලක ප්‍රධාන දොරටුව අසලදී ඊයේ (20) දහවල් මෙම ඝාතනය සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

මෙම සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ කැගල්ල, දෙවනගල, බලවත්ත පදිංචි ප්‍රවීන් නුවන්ත බණ්ඩාර (21) නමැත්තායි.

මෙම සිද්ධියෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිලීමලේ රත්කුරුගල ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු 23 හැවිරිදි තරුණයෙක්.

සැකකරු සිය පෙම්වතිය සමඟ මෙම මරණකරු ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන බවට දැනගෙන ඒ පිළිබඳව දෙදෙනා අතර බහින්බස් වීමක් ඇතී වී පසුව එය දුරදිගගොස් මෙම පිහිඇණුම සිදුව ඇති බව පොලීසිය පවසනවා.

මරණකරු සහ සැකකරු එකම තරුණියක් සමඟ පෙම් සබඳතාවක් පවත්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමක් මත සැකකරු විසින් මරණකරුගේ ගෙල පිහියකින් කපා ඝාතනය කර ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

සැකකරු අද (21) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *