BREAKING NEWS
Search

මහීපාලගේ බිරිය නමින් වැව් රක්ෂිතයේ ඇති හෝටලය කඩන්න කියයි

841

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා  සිය බලතල නිති විරෝධි ආකාරයට භාවිතා කරමින් සිය බිරිද නමින් පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ පවත්වගෙන යන  හෝටලය සහ පර්චස් හැටක භුමිභාගයක ඉදිකොට ඇති ගොඩනැගිලි මසක් තුල කඩා ඉවත් කර ගන්නා ලෙසට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා ලිඛිතව හිටපු ආණ්ඩුකාර බිරිද වන අජන්තා රෑපසාරි හේරත් මහත්මියට දැණුම්දි තිබේ.

රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි වැව් රක්ෂිත මායිම් කිරිම මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කොට තිබේ.

ඒ අනුව පෙරමියන්කුලම වැවේ වැව් රක්ෂිතය මායිම් කිරිමේදි වැව් රක්ෂිතය තුලම හිටපු ආණ්ඩුකාර බිරිද හෝටලයක් ඉදිකිරිම සදහා කිසිදු නීතිමය ලියකියවිල්ලක් නොමැතිව අනවසරයෙන් ගොඩනැගිලි ඉදිකිරිමේ හේතුවෙන් එය කඩා ඉවත්කර ගන්නා ලෙසට දැණුම් දුන් බවත් දිසානායක මහතා පැවසිය.

මේවන විට පෙරමියන්කුලම වැවේ වැව් රක්ෂිතයේ සියළු මැණුම් කටයුතු අවසන් කොට මායිම් ගල්ද දමා අවසන් කොට තිබේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *