BREAKING NEWS
Search

බස්, ලොරි, ත්‍රීවිල් එකට ගැටී බිහිසුණු අනතුරක්

253
මේ කියන්න යන්නේ අද උදෑසන සිදුවුණු තවත් එක් බිහිසුණු අනතු‍රක් ගැන කතාවක්.
මඩකලපුව, කල්මුණේ මාර්ගයේ කාත්තාන්කුඩි ප්‍රදේශයේදී බස් රථයක්, ලොරි රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී වූ අනතුරකින් තිදෙනෙකුට තුවාල සිදුව ඇතයි පොලිසිය පවසනවා.

අද උදෑසන සිදු වූ අනතුර හේතුවෙන් බරපතල තුවාල ලැබූ ඔවුන් තිදෙනා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද අලුයම 4 ට පමණ, කොළඹ සිට කල්මුණේ දෙසට ධාවනය වූ ලොරි රථයක් කාත්තාන්කුඩි ප්‍රධාන මාර්ගයේ නතර කර තිබියදී, කොළඹ සිට අක්කරෙයිපත්තුව දෙසට ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් ලොරි රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුරෙන් පසු, ප්‍රධාන මාර්ගයේ ගමන් කළ ත්‍රිරෝද රථයක් ද බස් රථයේ ගැටී එහි රියදුරුද තුවාල ලබා තිබෙනවා.

මේ හේතුවෙන් සුඛෝපභෝගී බස් රථයට සහ ත්‍රිරෝද රථයට දැඩි හානි සිදුවී තිබෙන බවයි අප වාර්තාකරු පවසන්නේ.

කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *