BREAKING NEWS
Search

අපුර පාසලක පිරිමි දරුවන්ට හදි කළ විශ්‍රාමික සෙබළා අත්අඩංගුවට

273

අනුරාධපුර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන වයස අවුරුදු 10, 12 සහ 13 වන පිරිමි දරුවන් තිදෙනකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර තවත් එවැනි දරුවෙකුට ලිංගික අපචාරයක් සිදු කළ, එම පාසලේ පාලක සභාවේ භාණ්ඩාගාරිකවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 62 හැවිරිදි ආබාධිත පුද්ගලයෙකි.

එම පාසලේ ඉගෙනුම ලබන ශ්‍රවනාබාධිත තම දරුවා රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී දරුවා පෙනෙන්නට නොසිටි බවත්, පසුව සොයා බැලීමේදී පාසල් ළිඳ ළඟ සිට දිව ආ බවත්, ඒ සම්බන්ධයෙන් දරුවාගෙන් කරුණු විමසීමේදී මෙම සිදුවීම පිළිබඳ දැනගත් බවට එම දරුවාගේ මව සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරු සිදු කළ බරපතළ ලිංගික අපයෝජන සිද්ධීන් රැසක් අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.

කථන හා ශ්‍රවණාබාධ සහිත මෙම දරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමේදී සංඥා භාෂා පරිවර්තකයකුගේ සහාය ඇතිව ප්‍රකාශ සටහන් කරගත් අතර, එම පාසලේ පාලක සභාවේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන නොන්ඩි ගසන පුද්ගලයා අවස්ථා ගණනාවකදී මෙම බාලවයස්කාර පිරිමි දරුවන්ට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ බව අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.

එම සැකකරු නිතර පාසලට පැමිණෙන බවත්, කළුවර වී ආපසු යන බවත්, ඊටත් අමතරව නේවාසික කාමර වලට පැමිණ දොර ජනෙල් වසා විදුලි පහන් නිවා දමන බවත් එම ප්‍රකාශවල වැඩිදුරටත් සඳහන් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *