හම්බන්තොට සිට කොළඹ දක්වා ධාවනය වූ දුර ගමන් සේවා බස් රථයක් රියදුරු විෂ මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනයේ යෙදෙන බව මොරටුව රථවාන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම බස් රථය මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පරීක්ෂා කර තිබෙනවා.
එහිදී පොලිසියට අනාවරණය වී ඇත්තේ රියදුරු කුමන හෝ මත්ද්‍රව්‍යක් පානය කර රිය ධාවනය කරන ඇති බවයි.
ඉන්පසු මොරටුව පොලිසිය රියදුරු සහ බස් රථය අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නිලධාරීන් එම බස් රථයේ පිටුපස පරීක්ෂා කිරීමේදී හිස් කෑන් දහයක් පමණ සොයා ගෙන තිබෙනවා.
එම හිස් කෑන් පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙම බස් රථය භූමිතෙල් යොදා ධාවනය කර ඇති බවයි
පසුව බස් රථයේ මගීන් වෙනත් බස් රථයකට නංවා රියදුරු සහ බස් මොරටුව පොලිසියට රැගෙන විත් රියදුරු කොළඹ දකුණ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ රියදුරු අයිස් හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පානය කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් රියදුරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

















