BREAKING NEWS
Search

ගුවන්තොටුපොළේ වැසිකිළියක තිබී හමු වූ කෝටි ගානක් වටිනා දේ

651

රුපියල් එක්කෝටි හැට අට ලක්ෂ හතළිස්දහසක් වටිනා කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, පිරිමි වැසිකිළිය තුළ දමා ගොස් තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අද (20) සොයා ගෙන තිබේ.

මෙහි කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 422ක් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 262ක් තිබී සොයා ගෙන ඇත.

වැසිකිළිය පිරිසිදු කිරීමට පැමිණි සේවකයෙකු විසින් මෙම පාර්සල් කිහිපය දැක ඇති අතර ඔහු ඒ පිළිබඳව කටුනායක ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් දැනුවත් කර තිබේ.

පසුව ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් දැනුවත් කර ඇති අතර ඔවුන් විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය සිය භාරයට ගෙන ඇත.

කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *