මේ සතුටුදායක පුවත රාජ්‍ය සේවකයින්ට.
ජනාධිපතිවරයා සියළුම රජයේ සේවකයන්ට ලබන ජනවාරියේ වැටුප් වැඩිවීමක් ලබාදෙන බව වරාය නාවික සිවිල් ගුවන් සේවා සහ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
ඔහු මෙසේ පැවසුවේ බස් ඩිපෝ 25ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනට එක්වෙමින්.
බස් ඩිපෝවල වැඩියෙන් වැඩ කරන අයට වැඩියෙන් ගෙවීමට අවශ්‍ය කටයුතු කරන බවත් මේ ආයතන ජනතාවට උපරිමයෙන් සේවය කරන කාර්යක්ෂම ආයතන බවට පත් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.


















