BREAKING NEWS
Search

සීයා මුණුබුරාගේ පෙම්වතියට තෙල් ගාද්දී අමුතු තාලේ සාත්තුවක් දීලා…

3224

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දතක කැක්කුමට තෙල් ගා මතුරද්දී පෙම්වතියගේ මුහුණ අල්ලා සිප ගත්තා යැයි කියන වයෝවෘද්ධ පුද්ගලයකුට අපූරු පාඩමක් උගන්වා ඇතැයි කියන තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙනවා…
වාර්තා වෙන අන්දමට සිද්ධිය මෙහෙමයි….

කෑගල්ල ප්‍රදේශයේ ගමක 25 හැවිරිදි අවිවාහක තරුණයෙක් පදිංචිව සිටිනවා… මෙම තරුණයා අල්ලපු ගමේ 22 හැවිරිදි තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක් මාස කිහිපයක සිට පවත්වාගෙන යන අතර දෙදෙනාගේ සම්බන්ධතාවට දෙපාර්ශවයේ මවුපියන් ද කැමැත්ත ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙනවා.

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් තරුණයාගේ පෙම්වතියට දින ගණනාවක සිට දත් කැක්කුමක් සෑදී තිබෙනවා …

තරුණිය වෛද්‍යවරයකු මුණගැසී දත් කැක්කුමට ප්‍රතිකාර ලබාගෙන ඇති අතර වෛද්‍යවරයා දී තිබුණු ඖෂධ පානය කළ අවස්ථාවේ දී දත් කැක්කුම තාවකාලික ලෙස සුවය ලබා ඇති බවත් වාර්තා වෙනවා…

යළි යළිත් කැක්කුම හට ගැනීමත් සුව නොවීමත් හේතුවෙන් දත් කැක්කුම සම්බන්ධයෙන් ඉකුත් දා තරුණිය පෙම්වතාට තම ජීවිතය පවා එපා වී ඇති බව පවසා තිබෙනවා…

පසුව තරුණයා පෙම්වතියට කියා ඇත්තේ තම පියාගේ පියා සීයා දත් කැක්කුමට තෙල් වර්ගයක් කැක්කුමට දතේ ගා මැතුරුවාට පස්සේ නිට්ටාවට සුව වෙන බව පවසනවා..

පසුව තරුණිය ඊට එකඟ වී ඉකුත් දිනෙක පෙම්වතාගේ නිවසට පෙරවරුවේ පැමිණ තිබුණා…

පසුව තරුණයා පෙම්වතිය සමග කාමරයේ සිටින සිය 82 හැවිරිදි සීයාට පෙම්වතියගේ දත් කැක්කුම සම්බන්ධයෙන් කරුණු කාරණා පැහැදිලි කර දී කාමරයෙන් පිටව ගොස් ඇත්තේ පෙම්වතියට යමක් කෑමට ගෙනත් දීමේ අරමුණෙන් …

විනාඩියක් යන්න කලින් තරුණ පෙම්වතිය සීයාගේ කාමරය දෙසින් කෑ ගසන ශබ්දය ඇසී තරුණයා දුව ගෙන පැමිණියා…

තරුණයා තරුණියගෙන් අඬන්නේ ඇයි දැයි විමසුවා. සීයා මට කට අරින්න කිව්වා. පස්සේ මම කට ඇරියා. කැක්කුම දතේ මොනවා ද තෙල් වර්ගයක් ගා මොනවා ද කියන්න සූදානම් වෙනවාත් සමගම සියාගේ අත් දෙකෙන්ම මගේ මුහුණ අල්ලා සිප ගත් බව පැවසුවා.

මම යනවා ගෙදර යන්න යැයි පවසා තරුණිය නිවසින් පිටව යන්නට උත්සාහ දැරූ අවස්ථාවේ දී තරුණයා එය වළක්වා තරුණිය ඉදිරියේදී සීයාගේ රෙදි ගැලවෙන්න තරුණ කාලයේ කළ මනමාලකම් ගැන ද හුස්ම නොගෙන එක දිගට කියාගෙන කියාගෙන ගියා …

පසුව සීයා කාමරයේ සිටිය දී පිටතින් දොරගුළු දමා සීයාට කාමරයෙන් පිටව යාමට නොහැකි ආකාරයට දොර වසා තරුණයා හා තරුණිය නිවසින් පිටව ගොස් තිබෙනවා …

පසුව සීයාට කාමරයෙන් පිටතට පැමිණීමට නොහැකි වීම නිසා කාමරයේ සිට කෑ ගසා තිබෙනවා… පසුව වැඩිමහල් පිරිමි දරුවාගේ අල්ලපු නිවසේ පදිංචිව සිටින සීයාගේ වයෝවෘද්ධ බිරිඳ පැමිණ දොරගුළු ඉවත් කර වයෝවෘද්ධ සැමියා එළියට ගෙන කවුද දොර වැහුවේ යැයි විමසා තිබෙනවා… මුණුපුරා තමන් කාමරයේ සිටිය දී දොරගුළු දමා ගිය බව සීයා පැවසුවා…

මුණුපුරාට මේ ටිකේ තියෙනවා හැදිලා හොඳ පිස්සුවක් යැයි වයෝවෘද්ධ කාන්තාව සිය සැමියා ඉදිරියේදී පැවසුවා. පසුව තරුණයා මිනිත්තු කිහිපයකට පසුව නිවසට පැමිණෙන අවස්ථාවේ දී වයෝවෘද්ධ යුවළ මිදුලේ තිබුණු බංකුවක හිඳගෙන ඔවුන්ගේ තරුණ කාලය සම්බන්ධයෙන් කතා කරමින් සිට ඇති බව වාර්තා වෙනවා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *