BREAKING NEWS
Search

රසිකයින් පිනවූ, රසිකයින් නැලවූ සුප්‍රකට ගායකයෙක් විදෙස් රටකදී සිදුවූ අනතුරක් නිසා ජීවිතයෙන් සමුගනී..

8969
නොසිතූ අනතුරක් නිසා අවසානයේ ජීවිතයෙන් සමුගන්නට වුණ ප්‍රසිද්ධ ගායකයෙකු ගැනයි මේ කණගාටුදායක පුවත ඇසෙන්නේ.. ප්‍රසිද්ධ ඉන්දියානු ගායක සුබීන් ගාර්ග්, සිංගප්පූරුවේදී මෙලෙස ජීවිතයෙන් සමුගෙන තිබුණා.

සිංගප්පූරුවේ scuba diving කරමින් සිටින අතරතුරයි ඔහු මේ අනතුරට මුහුණපා ඇත්තේ.

වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නද, ඔහුව බේරා ගැනීමට නොහැකි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එසේම, මේ සුප්‍රකට ගායකයා මියයන විට 52හැවිරිදි වියේ පසුවුණා.

ඔහු සැප්තැම්බර් 20 සහ 21 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ ඊසානදිග ඉන්දීය උත්සවයට (North East India Festival) සහභාගී වීම සඳහා සිංගප්පූරුවට පැමිණ සිටියා.

මුහුදෙන් ගොඩගෙන කෘත්‍රිම ශ්වසනය ලබා දුන්නද, ඔහුව රැගෙන සිංගප්පූරු මහ රෝහලට රැගෙන යන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

සිංගප්පූරුවේ ඊසානදිග ඉන්දීය උත්සවයේ නියෝජිතයෙකු විදෙස් මාධ්‍ය හමුවේ පවසා සිටියේ, ස්කූබා කිමිදෙමින් සිටියදී ගාර්ග්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වූ බවයි.

සුබීන් ගාර්ග් චිත්‍රපට හා සංගීත ක්ෂේත්‍රවල පුළුල් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසිලූ අතර අසාමී, බෙංගාලි සහ හින්දි භාෂා චිත්‍රපට සඳහා ගීත ගායනා කර තිබෙනවා.

ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ ‘Gangster’ චිත්‍රපටයේ ‘Ya Ali’ ගීතයෙනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *