BREAKING NEWS
Search

සාමාන්‍ය පෙළ විභාගය ගැන විශේෂ නිවේදනයක්

2273

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025 (2026) සඳහා අයදුම්පත් ලබන ඔක්තෝම්බර් 9 වැනි දින දක්වා මාර්ගගත ක්‍රමයට යොමුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සියලුම පාසල් අයදුම්කරුවන් සිය පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද, අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බවත් පෞද්ගලික අයදුම්කරුවන් අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමේදී ජාතික හැදුනුම්පත භාවිත කළ යුතු බවත් එම දෙපාර්තමේන්තුව කීය.

ජාතික හැදුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන් තම භාරකරුගේ (මව හෝ පියා) ජාතික හැදුනුම්පත භාවිත කර ලියාපදිංචි වී අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව කියන එම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන  www.doenets.lk සහ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාළ උපදෙස් කියවා ඒ අනුව නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවද සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *