තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2025 ආසියානු කුසලාන තරගාවලියේ ඊයේ (18) පැවති තරගයෙන් පසු දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ ඔහුගේ පියාගේ හදිසි වියෝව හේතුවෙන්.
හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් දුනිත්ගේ පියා ඊයේ (18) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වුණා.
ජීවිතක්ෂයට පත්වෙන විට දුනිත්ගේ පියාගේ වයස අවුරුදු 54ක්.

















