බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගිය ‘සමනළයා’ නමැති සැකකරු යළි අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා.
යතුරු පැදි සොරකමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන සිටියදීයි මෙම පලායාම සිදුව ඇත්තේ.
මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ කළුතර නාගොඩ අයි.ඩී.එච්.පාරේ පදිංචිකරුවෙකුවූ ජාමුනි හර්ෂ ලක්මාල් නොහොත් සමනලයා නම්වූ අයටයි.
මාර්ගයේ ධාවනය වෙමින් තිබූ රුපියල් 6,42,000/ ක් වටිනා යතුරු පැදියක් කොල්ල කෑ බවට කළුතර නාගොඩ පදිංචිකාරිනියක විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව පරීක්ෂණ පවත්වා මොහු අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුව බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගිය සැකකරු කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවට පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරක් මත දකුණු කළුතර පොලිසියේ නිලධාරීන් විසින් ඔහු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙනවා.


















