එම අවස්ථාව දැක බලා ගැනීමට විශාල පිරිසක් වරාය වෙත රැස් වුණා.
මියගොස් ඇත්තේ බේරුවල, හේන ප්රදේශයේ පදිංචිව සිටි නයන සාමගේ ධනුෂ්ක ලක්මාල් නැමැති අවිවාහක තරුණයායි. ඔහු පසුගිය සැප්තැම්බර් 06 වැනිදා “මානෙල් සොහොයුරෝ” නම් බහුදින යාත්රාවෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණා. මෙම මරණය සැප්තැම්බර් 13 වැනිදා සිදුවී ඇති අතර, ධීවර කටයුතු කරමින් සිටියදී ඔහු මුහුදට ඇද වැටී ඇති බවට සැක කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලීසිය, වෙරළ ආරක්ෂක නිලධාරීන් සහ කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
යාත්රාවේ ගමන් ගත් අනෙක් ධීවරයන් හතර දෙනාගෙන් ද ප්රකාශ සටහන් කරගෙන තිබුණා.
කළුතර මහේස්ත්රාත් අධිකරණයේ ප්රධාන මහේස්ත්රාත් මහේෂ් වාකිෂ්ඨ මහතා වරායට පැමිණ මූලික මහේස්ත්රාත් පරීක්ෂණයක් සිදු කළ අතර, සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලෙස පොලීසියට නියෝග කර තිබෙනවා.



















