BREAKING NEWS
Search

ඔන්න දැන් Profile Picture එක වෙනස් වෙන්නයි යන්නේ..? අලුත් වෙනස දැනගන්න කැමතියිද..?

118
දවසින් දවස අලුත් වෙන Facebook ගැන මේ ඇසෙන්නේ විශේෂ ආරංචියක්.
ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස්බුක් (Facebook) සිය නිල Profile Picture (පැතිකඩ පින්තූරය) යාවත්කාලීන කර තිබෙන අතර, ඊට ‘Meta AI Glasses’ ඇතුළත් කරමින් නව පෙනුමක් එක්කර තිබෙනවා.

මෙම වෙනස් කිරීම Facebook හි මව් සමාගම වන Meta විසින් කෘත්‍රිම බුද්ධිය (AI) සහ දෘශ්‍ය තාක්ෂණය (Smart Glasses) වෙත දක්වන අවධානය සහ කැපවීම මනාව විදහා දක්වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

සාම්ප්‍රදායිකව නිල් පැහැති පසුබිමක ඇති “f” අකුර සහිත Facebook ලාංඡනය වෙනුවට, නව පැතිකඩ පින්තූරය තුළ ‘Meta AI Glasses’ (Meta AI කණ්ණාඩි) පැළඳ සිටින රූපයක් දැකගත හැකියි.

මෙම කණ්ණාඩි Meta සමාගම විසින් Ray-Ban සමග එක්ව නිෂ්පාදනය කරන ලද Ray-Ban Meta Smart Glasses සංකේතවත් කරනු ලබනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *