මීට දින 6 කට ඉහතදී මියගිය නීතිඥවරයකුගේ නිවසින් අවි ආයුධ තොගයක් සොයා ගත් බව රත්නපුර පොලිසිය පවසනවා.
මෙම නීතිඥවරයාගේ රත්නපුර ගොළුවාවිල පටුමඟ, නිවසේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි තොගයක් සහ උණ්ඩ තොගයක් රත්නපුර පොලිසිය මගින් සොයාගෙන ඇතැයි රත්නපුර පොලිස් මූලස්ථානය පවසනවා.
මෙරට නිෂ්පාදිත රිවෝල්වර අවියක්, පිස්තෝල අවියක්, බැරලය අඩි දෙකයි අඟල් 06ක් දිග අවියක්, යකඩ බැරලයට සවි කරන ලද ස්පීන් එක සහිත අවියක්, උන්ඩ 24 ක්, අඩංගු කුඩා ටින් එකක්, හක්කපටස් 53 ක්, බෝර 12 උන්ඩ 383 ක් හා බෝර 16 උන්ඩ 57 ඇතුළු දේපළ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සිදුකළ විමර්ශනවලදී එම නිවස හිමි 71 හැවිරිදි නීතිඥවරයා මීට දින 6 කට ඉහතදී මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.




















