දෙහිවල කලබමින් චීන ජාතිකයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

505

දෙහිවල ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් ඇඳවැටී මිය ගිය බවට සැක කෙරෙන චීන ජාතිකයෙකුගේ මළ සිරුරක් දෙහිවල පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

දෙහිවල පොලිස් ස්ථානයට ලද දුරකථන පණිවිඩයකට අනුව දෙහිවල අල්විස් පාරේ පිහිටි නිවසක පිටුපස තිබියදී මෙම මළ සිරුර සොයාගත් බව පොලීසිය පැවසුවේය.

මෙරට ⁣පුද්ගලික අංශයේ රැකියාවන්හි නියුතු චීන ජාතිකයින් පිරිසක් මෙම නිවසට යාබදව පිහිටි නිවාස සංකීර්ණයේ රැදී සිට ඇති අතර අදාළ පුද්ගලයා එහි ඉහළ මහලක සිට ඇඳවැටී ඇති බවට පොලීසිය සැක පළ කරන්නේය.

මෘත දේහය මේ වන විට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *