පැමිණිල්ල විභාගයට පැමිණ කාන්තාවක් පොලීසියේදී ඇසිඩ් ගහලා

377

කලවාන පොලිස් ස්ථානයට පැමිණිල්ලක් විභාගය සඳහා පැමිණි කාන්තාවක් අද (18)  එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයක් හේතුවෙන් දෙදෙනෙකු තුවල ලබා කලවාන මූලික රෝහලට ඇතුළත් කර ඇති බව කලවාන පොලිසිය පැවසිය.

අද (18) පැමිණිල්ලක් විභාග කිරිමට පැමිණි අවස්ථාවේදී එකම පවුලක සහෝදරයන් දෙදෙනකුගේ බිරින්දෑවරුන් දෙදෙනෙකු  බහින් බස් වී එල්ල කළ ඇසිඩ් ප්‍රහාරය හේතුවෙන් ඉන් එක් කාන්තාවක් හා වෙනත් පැමිණිල්ලක් විභාගයට පැමිණි සිටි තවත් පුද්ගලයකු තුවාල ලබා කලවාන මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව පොලිසිය පැවසීය.

ඇසිඩ් ප්‍රහාරයට ලක්වු කාන්තාවගේ සැමියාගේ පියා විසින් ඔහුගේ බාල පුතනුවන්ගේ බිරිද විසින් අවසරයකින් තොරව සිය වත්තේ තේ දළු කඩන බව පවසමින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එය විභාග කිරීම සදහා පොලිසිය පැමිණෙන ලෙස දන්වා තිබේ.

ඒ අනුව අද පොලිසියට පැමිණි අවස්ථාවේදී පැමිණිල්ල ඉදිරිපත් කළ  පියා සමග සිය සැමියාගේ ලොකු පුතාගේ බිරිද පැමිණීම පිළිබදව උරණ  වී ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය පැවසිය. ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *