BREAKING NEWS
Search

ප්‍රංශ ජනපති බිරිඳ බ්‍රිජිට් මැක්‍රොන් කාන්තාවක් බව ඔප්පු කරන්න යයි

148

ප්‍රංශ ජනපති බිරිඳ බ්‍රිජිට් මැක්‍රොන් විසින් තමන් කාන්තාවක් බව ඔප්පු කිරීම සඳහා අවශ්‍ය ඡායාරූප සහ විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ බිරිඳ වන බ්‍රිජිට් මැක්‍රොන් පිරිමියෙකු ලෙස උපත ලැබූ අයෙක් බවට අම‍ෙරිකානු දේශපාලන විචාරකවරියක් වන Candace Owens විසින් චෝදනා එල්ල කර තිබුණි.

ඒ අනුව, ඇයට එරෙහිව නීතිමය පියවර ගැනීමට ප්‍රංශ ජනපති සහ ඔහුගේ බිරිඳ බ්‍රිජිට් මැක්‍රොන් විසින් අමෙරිකානු අධිකරණයක් හමුවේ කටයුතු කර ඇත.

ඔවුන්ගේ නීතිඥ ටොම් ක්ලෙයාර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම අපහාසාත්මක ප්‍රකාශය, වෘත්තියක් සහ පවුල් ජීවිතයක් සමඟ ගැටෙන ඕනෑම අයෙකුට මෙන්ම රටක ජනාධිපතිවරයෙක් වූවද ජනපති එම්මානුවෙල් මැක්‍රොන්ට ද බලපෑම් ඇති කරන බවය.

ඉදිරියේ දී විද්‍යාත්මක විශේෂඥ සාක්ෂි හෙළිවෙනු ඇති බවත් චෝදනා අසත්‍ය බවට සම්පූර්ණයෙන්ම ඔප්පු කිරීමට යුවළ සූදානමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *