BREAKING NEWS
Search

බෝතලයකින් පහරදී මිතුරා අවසන් ගමන් යවලා

149

බෝතලයකින් පහරදී දියේ ගිල්වා මිතුරා ඝාතනය කළ මිතුරෙකු ඊයේ (17) සවස අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු තිස්ස මහාරාමය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.

තිස්සමහාරාම, සඳුන්ගම ප්‍රදේශයේ ඇළක පුද්ගලයෙකු මියගොස් ඇති බවට තිස්සමහාරාම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 45 ක් වූ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු මරණකරුගේ මිතුරෙකු වන අතර ඔහු හා මරණකරු අතර ඇතිවූ පුද්ගලික ආරවුලක් මත  මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *