BREAKING NEWS
Search

මනම්පේරිගෙන් ප්‍රශ්න කරන්න පොලිස් කණ්ඩායම් කිහිපයක්

45

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

රැඳවුම් නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය බාරයේ සිටින සම්පත් මනම්පේරී නැමැත්තාගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් කණ්ඩායක් කීපයකට අවස්ථාව ලබාදී  ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.

ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව,බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශය යන ආයතන වල කණ්ඩායම් සඳහා එම අවසරය ලබාදී තිබේ.

ඒ අනුව අදාළ ප්‍රශ්න කිරීම් අද උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව ඇතැයි සඳහන් වේ.

මිද්දෙණිය ප්‍රදේශයේ පාලු ඉඩමක අයිස් සෑදීම සඳහා භාවිතා කරන බව කියන රසායන ද්‍රව්‍ය තොගයක් අත් අඩංගුවට ගැනීමට අදාලව සම්පත් මනම්පේරී අධිකරණයට බාරවීමෙන් පසුව මේ වනවිට දින හතක රැඳවුම් නියෝග මත මත්ද්‍රව්‍ය කාර්යංශයේ රඳවා ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *