වසන්තගේ කෙසෙල් කැනේ කතාවට නාමල්ගෙන් පිළිතුරක්

75

ජනතා විමුක්ති පෙරමුණේ කෝටිපති  මන්ත්‍රීවරුන් මළ ගෙවල් වල ගිහින්  ගමේ මිනිහගේ  සල්ලි ගත්තු එක  වගේම  කෙසෙල් කැන කැබ් එකේ දාගෙන ආපු එක ලොකු අපරාධයක්  බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ලොකු දේපළ  තියෙද්දි  ජනතාවගේ දේවලුත් මෙසේ ලබා ගැනීම වැරදි යැයිද  ඔහු සඳහන් කළේය.

අවුරුදු දහයක් තිස්සේ තමන්ගේ වත්කම් ගැන පැමිණිලි කරපු  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ  වත්කම් සෙවීමට රටේ ජනතාවට  දැන් සිදුව ඇතැයි පැවසූ  රාජපක්ෂ මහතා
වැටුප පක්ෂයට  නොව පාක්ෂිකයාට දෙන ක්‍රමවේදයක් සෑදිය යුතු බවද සඳහන් කළේය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *