BREAKING NEWS
Search

ලංකාව කලාපයේ අඩුම විදුලි මිල ඇති රට කරනවා

73

කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට ශ්‍රී  ලංකාව පත් කරමින් රටේ සමස්ථ ජනතාවට සාධාරණ සහ පහසු මිලකට විදුලිය ලබා දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවා ය.

ජාතික විදුලි බල පද්ධතියේ අවශ්‍යතාවයෙන් 12% හෙවත් මෙගා වොට් 350ක් ලබාදෙන කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රිය විදුලි බලාගාරයේ විවෘත කිරීමේ අවස්ථාවට  එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.

“රටේ සමස්ථ ජනතාවට සාධාරණ සහ පහසු මිළකට විදුලිය ලබා දෙමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ කාර්යයට නිෂ්පාදකයින් වැඩි වශයෙන් දායක කර ගැනීම රජයේ අරමුණක්.

ඒ වගේම දේශීය ඉංජිනේරුවන් ඇතුලු දේශිය මානවසම්පත විසින් මේ විදුලි ජනන පද්ධතිය නිර්මාණය කිරීමට කටයුතු කිරීම ගැන මම සතුටට පත්වෙනවා.

ආයතනික ලෙසත්, පෞද්ගලිකවත්  විදුලිය භාවිතයේදී වඩා අරපරිස්සමින්  අනවශ්‍ය විදුලි භාවිතයන් සීමා කරමින් ජාතික ආර්ථිකයට දායක වන ලෙස ජනතාවට ආරාධනා කරනවා යනුවෙන් ද  අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *