BREAKING NEWS
Search

ඉන්දු – පාකිස්තාන සටනේ අතට අත දීමේ මතභේදය ඔඩු දුවයි

111

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව අද (17) පැවැත්වෙන තරගය, පාකිස්තාන කණ්ඩායම ක්‍රීඩාකිරීම අවිනිශ්චිත බව වාර්තා වේ.

ඉන්දියාවට එරෙහිව පැවති තරගයේ දී මතභේදයට තුඩුදුන් අතට අත නොදීමේ සිදුවීම පාකිස්තානයේ මෙම තීරණයට බලපා ඇති බවය.

පාකිස්තාන කණ්ඩායමේ තීරණය වී තිබුණේ ඉන්දියාවට එරෙහි තරගයේ තරගතීරක ලෙසින් කටයුතු කළ සිම්බාබ්වේ ජාතික ඇන්ඩි පයික්‍රොෆ්ට් මෙම තරගාවලියෙන් ඉවත්කළ යුතු බවය.

පාකිස්තානය චෝදනාකරන්නේ එම තරගයේ දී ඉන්දීය කණ්ඩායම අතට අත නොදී සිටීමට එරෙහිව ඔහු ඉන්දියාවට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගත් බවය.

ඒ හේතුවෙන් ඔහු තරගාවලියෙන් ඉවත් නොකරන්නේ නම් තමන් තරගාවලියෙන් ඉවත්වන බවට පාකිස්තානය අනතුරු අඟවා තිබුණි.

කෙසේ නමුත් ඇන්ඩි පයික්‍රොෆ්ට් තරගාවලියෙන් ඉවත්කිරීමේ තීරණයක් මෙතෙක් ආසියානු ක්‍රිකට් කවුන්සිලය ගෙන නොමැති අතර, ඔහු අද තරගයේ ද තරගතීරක ලෙසින් කටයුතු කරනු ලබයි.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම අද පස්වරුව වනවිටත් ඔවුන් රැඳී සිටි හෝටලයේම රැඳි සිටි බව වාර්තා වේ.

අද තරගයේ කාසියේ වාසිය උරගා බැලීම මෙරට වේලාවෙන් ප.ව. 7.30ට ආරම්භවීමට නියමිතව තිබුණත්, මෙතෙක් ඔවුන් ක්‍රීඩාංගණයට පැමිණ නොමැති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් තරගය පැයක් පමණ ප්‍රමාද වනු ඇති බව සඳහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *