BREAKING NEWS
Search

ආදරණීය මාලිනිය රසිකයන්ට දුන් අවසාන සම්පත මෙන්න

230
ආදරණීය මාලිනිය රගපෑ අවසන් චිත්‍රපට ත්‍රිත්වයෙන් එකක් වූ ‘ආයූ’ සිනමාපටය මාධ්‍යවේදීන් ඉදිරියේ දිග හැරුණා. ඒ් වැල්ලවත්ත, සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලා

වේදී.

මේ චිත්‍රපටයේ ඇය රගපාන්නේ අසීමිත බලාපොරොත්තු රැසක් සහිතව විවාහ දිවියට ඇතුළු වූ දියණියකගේ මවක් ලෙස.

වෛද්‍යවරියක් වූ මේ දියණිය අවාසනාවන්ත සිදුවීම් රැසකට මුහුණ දී විශාදයට පත් වෙනවා. මේ සියල්ල සිදුවන්නේ ඇගේ දරුවා අහිමි වීමත් සමගයි.
මේ සිදුවීමෙන් පසු ඇය යන්නේ ‘බීච් බෝයි’ කෙනකු සොයාගෙන. ඔහු සචින්ය. මේ චරිතය නිරූපණය කරන්නේ ජගත් මනුවර්ණය.
‘නිශ්මී’ නම් තරුණ වෛද්‍යවරියගේ චරිතය නිරූපණය කරන්නේ නවක නිළියක් වූ සැන්ඩ්‍රා මැක්.

සෙසු චරිත, අශාන් ඩයස්, කෙනාරා වීරතුංග, සමනලී ෆොන්සේකා, තුමිදු දොඩන්තැන්න වගේම ප්‍රියන්ත සිරිකුමාර, සම්පත් ජයවීර හා උදාර අබේසුන්දර, වගේ තවත් නළු නිළියන් පිරිසක් රංගනදායකත්වය සපයනවා.

මේ චිත්‍රපටයේ ආදරණිය මාලිනිය රගන චරිතය ගැන බොහෝ දෙනාගේ සතුටින් යුතුව කතා කළා. ඒ්ත් ඇගේ වියෝව පිළිබදව ඇති වේදනාබර මතකයන් ඒ් අතර තිබුණා.
‘ආයූ’ විත්‍රපටය අධ්‍යක්ෂණය, චත්‍ර වීරමන්ගෙන්. ඔහු මීට පෙර ‘ආලෝකෝ උදපාදී’ සිනමාපටය තිරයට රැගෙන ආවා.

මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ, හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක හා යසස් රත්නායකයි. ඔක්තෝබර් 02 වැනිදා මේ චිත්‍රපටය තිරගත වෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *