BREAKING NEWS
Search

ගිලන් රථයේදී නොසිතූ මරණයක්… බද්දේගමම සලිත කරමින් ඇහෙන කතාව…

920

ගිලන් රථයකින් ඇද වැටී බරපතල තුවාල ලැබූ රෝගියෙකු ගාල්ල කරාපිටිය මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා.

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක් තම පාදවල ඇති වූ තුවාල ආසදනය වීම නිසා පසු ගිය දා බද්දේගම රෝහලට පැමිණ තිබෙනවා.

දින තුනක් පමණ අදාළ රෝගියා බද්දේගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති අතර පසුගිය 30 වැනිදා රාත්‍රියේ ඔහුගේ තත්ත්වය ආසධ්‍ය වීම නිසා කරාපිටිය ජාතික රෝහල වෙතමාරුකර යැවීමට කටයුතු කර ඇති බව සදහන්.

ගිලන් රථයක් මඟින් අදාළ රෝගියා කරාපිටිය ජාතික රෝහල වෙතට රැගෙන යන අතරතුර ගිලන් රථයේ පසුපස දොර විවර වී රෝගියා මාර්ගයට ඇඳ වැටී ඇති අතර ඒ පිළිබද නොදැන රියැදුර විසින් ගිලන් රථය ඉදිරියට ධාවනය කර ඇති බවයි පැවසෙන්නේ.

පසුපසින් යතුරු පැදියක පැමිණි පුද්ගලයෙක් විසින් රියදුරුව දැනුවත් කිරීමෙන් අනතුරුව රියදුරු ගිලන් රථය නතර කිරීමෙන් පසු පිටුපස සිටි සාත්තු සේවකයා වැටී සිටි රෝගියා දෙසට දිව ගොස් ඇති අතර ගිලන් රථය ද පසුපසට ධාවනයක් කර රෝගියාව නැවත ඊට දමාගෙන කරාපිටිය ජාතික රෝහල වෙතට ගෙනගොස් තිබුණා.

රෝගියාගේ තත්ත්වය බරපතල වූ නිසා ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඔහුට ශල්‍ය කර්මයක්ද සිදු කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන්.

ශල්‍ය කර්මය සිදු කළ ද අදාළ රෝගියා පසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ද ගිලන් රථයෙන් ඇඳ වැටීම පිළිබද නොදැනුවත් අතර මුහුණු පොත ඔස්සේ අදාළ සිදුවීම සංසරණය වීමත් සමඟ ඒ පිළිබද සොයා බලා බද්දේගම පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *