ප්‍රධාන නගර කිහිපයකට හෙට ජල කප්පාදුවක්

332

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීමට සිදුවන බැවින් අඹතලේ ජල පවිත්‍රාගාරය මඟින් සැපයෙන ජලය අත්හිටු වීමට සිදුව ඇති බව එම මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව පෙ.ව 10.00 සිට ප.ව 07.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වේ.

කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH,කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *