මං ගෙදරින් යන්න බඩු පටවනවා.

116

කොළඹ නිල නිවසින් යන්න දැන් බඩු පටවන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

” හෙට අනිද්දා යනවා ඉතිං, තව දවස් දෙක තුනක් තමයි ඉන්නේ” යනුවෙන්ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසූයේ හිටපු ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනත සම්මත වීම සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ලබා දෙමිනි.

ප්‍රශ්නය:- ආණ්ඩුව කළේ ඔබලා ගෙන් පළිගැනීමක්ද?

පිළිතුර:-

හිටපු ජනාධිපතිවරුන්ට නිවාසයක් සහ කැබිනට් ඇමතිවරුන්ට හිමි පහසුකම් දෙන බවට ජේ.ආර්.ජයවර්ධන සමයේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු පනතක් තිබුණා.ඒ පනත අනුව තමයි හිටපු ජනාධිපතිවරුන්ට නිවාස දුන්නේ.අලුත් ආණ්ඩු ඇවිත් ඒ පනත අවලංගු කරලා යන්න කිව්වාම අපි යනවා ඉතින්. ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ අපිට.

ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නම් ලොකු පිරිසක් පිරිවරාගෙන ඉන්න හැටි අප දුටුවා.

පිළිතුර:-

නෑ. නෑ. මම එහෙම කවුරුත් ගෙන්නන්නේ නෑ. යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිතුරු දුන්නේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *