මුලුතැන්ගෙයක අනිවාර්‍ය කුළු බඩුවක්නෙ උලු හාල් කියන්නේ.
- විටමින් C
- යකඩ
- කැල්සියම්
- සින්ක්
- කොපර්
- ඛනිජ වර්ග
- තයෝමීන්
- ෆෝලික් අම්ලය
- තරබාරුව පාලනය කිරීම සහ ශරීරයේ බර අඩු කිරීම
- දියවැඩියාව පාලනය කිරීමට
- හිසකෙස් වල හිස්සොරි නැති කිරීමට
- සිරුරේ ප්‍රදාහ තත්ත්වයන් බැහැරකර සන්ධි වේදනා මැඩ පැවැත්වීමට
- මෙහි ඇති වස විස ඉවත් කිරීමේ ශක්තිය නිසා බඩවැල් පිළිකා සෑදීම වැළකීමට
- ෆෝලික් අම්ලය නිසා උළුහාල් කිරි දෙන මවුවරුන්ටත් ඉතා ගුණදායකයි .
- අළුත් මවකට පහසුවෙන් කිරි එරෙන අතර, දරු උපතින් ඇතිවන වේදනා තත්ත්වයන් ඉක්මනින් දුරුකිරීමට සමත් වීම.
- දරු උපත් පමාවන අයට ගර්භාෂගත රෝග දුරු කරමින් දරු සම්පත් ලබාගැන්මට උපකාරිවීම.
- මොළය නිරෝගි කරමින් බුද්ධිය හා කල්පනා ශක්තිය වර්ධනය කරීමට
- චර්ම රෝග බැහැරකර, සම පැහැපත් කිරීමට
- උළුහාල්වලින් ඇතිවන නිරෝගීවීම් හරහා තරුණ පෙනුමක් ලැබීමත්, තරුණ ජවයක් ලැබීමට උපකාරී වෙයි.
අපි මුලින්ම කීවානේ උලු හාල්වල බොහොමයක් ඖෂධ ගුණ තියෙනවා කියලා.ඒ අතර තියෙන එක් ගුණාංගයක් තමයි මේ ශරීරයේ බර අවම කිරීම කියන කාරණය.
ඒක සිදු වෙන්නෙ මෙහෙමයි.උලු හාල්වලට පුලුවන් අපේ ශරීරයේ පවතින මේද අම්ල ශරීරයට උරා ගැනීම අවම කරන්න.ඒ වගේම රුධිරයේ පවතින මේදය දහනය කිරීමේ හැකියාවත් මේ උලු හාල් සතුවනවා.ඒ වගේම තමයි රුධිර නාල වල තැම්පත් මේදය දහනය කිරීමටත් මේ උලු හාල් සතු විශ්මිත ගුණයක්.
දැන් අපි බලමු කොහොමද උලු හාල් පානයක් නිවසේදීම සකසා ගන්නේ කියලා.
- අබරා ගත් උලු හාල් මේස හැදි 2ක්
- ඉගුරු ස්වල්පයක්
- ලෙමන් ගෙඩි භාගයක යුෂ
- මී පැණි තේ හැදි 1ක්
- උණු වතුර
ආහරයට ගන්නා ආකාරය-
එමෙන්ම උළුහාල් හොදින්, තම්බා පෙරා, මීපැණි සමග පානය කිරීමත් ශරීරයේ බර පාලනයට ඉතාම සුදුසුයි.
මෙලෙස විශ්මිත ගුණ රැසක් තිබෙන උලු හාල් ඔබත් ඔබගේ එදිනෙදා පානයක් ලෙස හෝ ආහාරයක් ලෙස එක් කර ගෙන නිරෝගී සුන්දර සිරුරකට හිමි කම් කියන්න.
– උපුටා ගැනීමකි –



















