BREAKING NEWS
Search

පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු රිය අනතුරකට ලක්වෙයි

214

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා රිය අනතුරකින් තුවාල ලබා ඇත.

ඒ අනුව ඔහු මඩකලපු රෝහලට ඇතුළත් කර තිබේ.

මන්ත්‍රීවරයා අද (14) අම්පාර ප්‍රදේශයේ පැවති එම පක්ෂයේ පක්ෂ රැස්වීමක් සඳහා සහභාගි වී නැවතත් මඩකළපු බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

ඔහු ගමන් ගත‍් රථය කලවංචිකුඩි ප්‍රදේශයේ තවත් මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු රිය අනතුරකට ලක්වෙයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *