BREAKING NEWS
Search

වැලිගමදී මාරක අනතුරක් – කාන්තාවක් මරුට

159

වැලිගම, දෙනිපිටිය හන්දිය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

වැලිගම දෙස සිට අකුරැස්ස දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරින් යතුරුපැදිකාරිය බරපතල තුවාල ලබා වලාන රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි දෙනිපිටිය, නිදංගල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බව සඳහන් වේ.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *