මේ කියන්න යන්නේ, කොළඹ නගරයේ දෙවැනි විශාලතම දුම්රිය ස්ථානය ගැන සුබ ආරංචියක්..
කොළඹ, මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සැප්තැම්බර් 15 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
නව ප්‍රතිසංස්කරණය මගින් දුම්රිය ස්ථානයේ තෝරාගත් ස්ථාන නවීකරණය කෙරෙනු ඇති.
එහිදී දුම්රිය ස්ථානයේ පවතින ඓතිහාසික ස්වභාවයට හානියක් නොවන ලෙස හා පැරණි ස්වභාවය රැකෙන අයුරින් අලුත් වැඩියාව සිදුකිර්‍ර්මටයි කට්‍යුතු කෙරෙන්නේ.
කොළඹ නගරයේ දෙවැනි විශාලතම දුම්රිය ස්ථානය ලෙසයි මරදාන සැලකෙන්නේ.
ඒ අනූව එය රටේ වඩාත් කාර්ය බහුල සහ පැරණිතම දුම්රිය ස්ථානවලින් එකක් වෙනවා.
1889 දී ලී ව්‍යුහයක් ලෙස ප්‍රථම වරට ඉදිකර තිබෙන මෙය මහනුවර සහ දකුණු මාර්ගවල මෙහෙයුම් කටයුතු මෙහි සිට මෙහෙයවා තිබෙනවා.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මෙහෙයුම් අධික වීමෙන් පසු අදාළ කටයුතු මරදාන දුම්රිය ස්ථානය වෙත මාරුකර තිබෙන බවයි සඳහන්.
අනතුරුව 1893 ජූලි 12 වැනිදා ස්ථිර ගොඩනැගිල්ලක් විවෘත කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
ඒ සඳහා ගෘහ නිර්මාණ ශිල්පී සැලී මරියාකර් නැමත්තා විසින් බ්‍රිතාන්‍ය ශෛලියෙන් එම දුම්රිය ස්ථානය නිර්මාණය කර තිබෙනවා.
ඒ අනූව දැනට පවතින මරදාන දුම්රිය ස්ථානය 1908 නොවැම්බර් 9 වැනි දින විවෘත කරන ලද බවයි සඳහන් වන්නේ.
මෙම දුම්රිය ස්ථානයේ ඉපැරණි බව ආරක්ෂා කරමින් මගී පහසුකම් වැඩිදියුණු කිරීම සහ යටිතල පහසුකම් නවීකරණය කිරීමට අපේක්ෂිත අතර ඒ සඳහා පෞද්ගලික අංශයේ සහායද හිමිව තිබෙන බවයි සඳහන්.


















